Sunday, December 5, 2010

ඔබ එනතුරු...


ගහ කොල වල මල් පිපුනට
බඹරුන් නෑ ඒ මල් වට
මගෙ හිත හොඳටම පාලුයි
නුඹවත් අද නැහැ මම ලඟ

සඳයි තරුයි හිනැහුනාට
වලාකුලේ පාවුනාට
මගේ හිතේ තරහක් නෑ
නුඹ දුර ඉගිලී ගියාට
කුරුලු රෑන් ගී ගැයුවට
සමනල්ලුන් දඟ කලාට
සැහැල්ලුවෙන් ඉන්නට බෑ 
නුඹ සිහිවෙන හැන්දෑවට

පෙරදා මෙන් බස් නැවතුම
අත් අල්ලන් ගිය මාවත
බලා හිඳී මම වාගෙම
ඔබ එනතුරු මා බලන්න


පින්තූරය...http://tiffanyberkowitz.theworldrace.org















2 ක් අදහස්:

තාරා said...

කඳුලැලි තනියට හිඳීවි
නෙත් තරු කැට බොඳ වනතුරු
තනිකම තනියට හිඳීවි
ඔහු යලි ඔබ වෙත එනතුරු

මේ පද ඔහු වෙත යන්නට
මඳනල වෙන් සරණ ඇයට
බොඳ නෙත් පිස බලන් සබඳ
ඔහු ඔබ සොයමින් එන මඟ...

චතූ said...

දේදුන්නක පාට අරන්
ම්ල් යායක් හැඩ කලාට
හීරු සදු ආවත් ආපහු
ඔහු එන්නෑ මා බලන්න............

Post a Comment